වාර්ෂික එක්දින මහා ක්‍රිකට් තරගයේ ජය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට.

    2023-04-24 05:56   |    Views : 142

අද පැවැති මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර වාර්ෂික එක්දින මහා ක්‍රිකට් තරගය ශාන්ත සෙබස්තියන් විදුහලට ජය ගැනීමට හැකිවුයේ විමත් දිනසරගේ අනර්ඝ ශතකය සහයෙන් ලකුණු 337 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමේදීය එහිදී අද කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී අයහපත් කාළගුණය හේතුවෙන් තරගය නතර කරන විට ලකුණු හඔායන විට ශාන්ත සෙබස්තියන් විදුහල ප.වා 41 කදී කඩුලු 04 කට ලකුණු 295 ක් ලබාසිටි අතර එම අවස්ථාවේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 43ක් ශාන්ත සෙබස්තියන් විදුහල ඉදිරියෙන් සිටි බැවින් වාර්ෂික එක්දින තරගයේ ජය එම විදුහලට හිමිවිය.

පිතිකරුවන්ට වාසි සහගත සිංහල ක්‍රීඩා සමාජ තණතිරුවේ පළමුව පන්දුවට පහරදුන් මොරටුව වේල්ස් කුමර ආරම්භක කඩුල්ලට තරිඳු අමරසිංහ (57) සහ රිවිත් ජයසූරිය(162 ) ලකුණු 197 ක සබඳතාවයක් ගොඩනැගු අතර එහිදී රිවිත් ජයසූරියගේ (162) විශිෂ්ට ශතකයට හයේ පහර 06 ක් සහ හතරේ පහර 12 ක් අන්තර්ගත විය.ඔහු මුහුණ දුන් පන්දු සංඛ්‍යාව 138 කි.

හඹායාමේදී ප්‍රථම කඩුල්ල ලකුණු 03 දී දැවීගිය පසු ශාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් ජයග්‍රහණයට මගපැදු සබඳතාවය ක්‍රියාත්මක වුයේ දෙවනක කඩුල්ලටය.එහිදී විමත් දිනසර (නොදැවී 145) සහ අදේෂ් අල්මේදා (82) ලකුණු 149 ක දායකත්වය දැක්වීය.තවද ඔවුන් පන්දුවාර 19 කදී ලකුණු 150 සීමාව පසුකිරීම ජයග්‍රහණය තවත් පහසු කළේය.තරගය නතර කරන විට සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් නැංගුරම බවට පත්වු විමත් දිනසර පන්දු 121 කින් හයේ පහර 03 ක් සමගින්ද හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 145 ක් ලබා සිටියේය.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය 336/7 (50)-තරිඳු අමරසිංහ 57 රිවිත් ජයසූරිය 162 සුමල්ක ප්‍රනාන්දු 51 ඔමේෂ් මෙන්ඩිස් 42 යෂින් ප්‍රනාන්දු 3/82 මනුජ චන්තුක 3/47 සන්දීෂ් ප්‍රනාන්දු 1/47

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අයහපත් කාළගුණයෙන් තරගය නතර කරන විට 295/4 (41)- අදේෂ් අල්මේදා 82 විමත් දිනසර නොදැවී 145 අගිත කුඩලිගම 39 යුනෙත් ​​පීරිස් 3/56

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 43ක් ජයක් ශාන්ත සෙබස්තියන් විදුහල

Share on Facebook Share on WhatsApp Share on Viber