ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජපානය බලා පිටත් වේ.

    2023-05-09 06:43   |    Views : 1214

ශ්‍රී ලංකාව සහ ජපානය අතර තිබෙන මිත්ත්‍රත්වය අනුව ජපාන ක්‍රිකට් සංගමයේ ඉල්ලීමකට අනුව එරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා එරට ආරාධනයකට අනුව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජපානය බලා පිටත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කල අතර එහිදී විස්සයි 20 තරග 5 කට සහභාගි වන බව නිවේදනය කළේය.

ශ්‍රී ලංකාව අද (8) දිනයේ ජපානය බලා පිටත් විය.මෙම පියවර ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සහාය වීම අරමුණු කර ගෙන ඇති අතර, එය ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සබඳතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරමි යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

නැගී එන සංචිතය
01. ඩෙලෝන් පීරිස් - නායක
02. සකුණ ලියනගේ
03. දුනිත් ජයතුංග
04. සාහිල් ඩයස්
05. රන්මිත් ජයසේන
06. ෂෙහාන් ප්‍රනාන්දු
07. යොහාන් ලියනගේ
08. සිතාර හපුහින්න (WK)
09. හිරන්ත ජයසිංහ
10. ලක්ෂාන් ගමගේ
11. තීසන් විතුසන්
12. ඉමිතියස් ස්ලාසා
13. සිතුම් දිසානායක
14. හර්ෂණ වික්‍රමසිංහ
15. දනාල් හේමානන්ද

දිනය තරඟය ස්ථානය
2023 මැයි 10 පළමු T20 SICG
2023 මැයි 11 දෙවන T20 SICG
2023 මැයි 13 3 වන T20 SICG
2023 මැයි 14 4 වන T20 SICG
2023 මැයි 15 5 වන T20 SICG


SICG = Sano ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

Share on Facebook Share on WhatsApp Share on Viber