නවසීලන්ත කාන්තා පිල ජූනි මස අගදී ශ්‍රී ලංකාවට.

    2023-05-19 07:17   |    Views : 854

නවසීලන්ත කාන්තා කණ්ඩායෙමහි ශ්‍රී ලංකා සංචාරය ජූනි මස අගදී ආරම්භ වන අතර එහිදී එක්දින සහ විස්සයි 20 තරගාවලි දෙකකින් සමන්විත වේ.

ICC කාන්තා ශූරතාවලිය 2022-2025 චක්‍රයේ කොටසක් වන තරග තුනකින් යුත් එක්දින තරගාවලියකින් මෙම සංචාරය ආරම්භ වේ. නවසීලන්තය මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අතර සත්කාරක ශ්‍රී ලංකාව හත්වැනි ස්ථානයේ පසුවෙයි.

සංචාරයේ T20I කොටස ජූලි 8 වනදා ආරම්භ වන අතර තරඟ තුනම කොළඹදී පැවැත්වීමට නියමිතය.

නවසීලන්තය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ජුනි 23 වැනිදාය.

තරග කාලසටහන

ජූනි 27: පළමු එක්දින තරගය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල
ජූනි 30: 2 වන එක්දින තරගය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල
ජූලි 3: 3 වන එක්දින තරගය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල
ජූලි 8: 1 වැනි විස්සයි20 තරගය: පී.සරා ඕවල්, කොළඹ
ජූලි 10: 2 වැනි විස්සයි20 තරගය: පී.සරා ඕවල්, කොළඹ
ජූලි 12: 3 වැනි විස්සයි20 තරගය: පී.සරා ඕවල්, කොළඹ

Share on Facebook Share on WhatsApp Share on Viber