කොළඹ මහානාම විද්‍යාලය (B) සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ වාර්තා කරති.
-
2023-05-23 09:08 |
Views : 1285
ශ්‍රී ලංකා පාසැල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අ.වු 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ (Division I,II) කාණ්ඩයේ අද පැවති තරගයන්හි පුර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය (B) සමත් විය.
මෙහිදී ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් බිහඳු මනිත දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් (6/18) ප්‍රතිවදී කොළඹ ද ලාසාල් විද්‍යාලය එරෙහිව තර්ජනාත්මක පන්දු යැවීමක නිරත විය.
ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම 177/7 පන්දුවාර 37 කදී-ලකිල ගලගෙදර 45 අදීෂ දිනෙත් මැක්ස්වෙල් 34 තිදස් පෙරේරා 35 මොහොමඩ් ෆරාහාන් 4/38 ජෙරොම් පෙරේරා 1/34 නදීර තරංග 1/18 නදිනප ප්‍රනාන්දු 1/46
කොළඹ ද ලාසාල් විද්‍යාලය පළමු ඉනිම 45/10 පන්දුවාර 39.1 යි-ජෙරොම් පෙරේරා 12 නදීෂ් විලෝචන 2/12 තිනුවන් පෙරේරා 2/2 සිතුම් සංජය 2/4 ලක්ෂ්හ ගලගෙදර 1/13
කොළඹ ද ලාසාල් විද්‍යාලය ඉනිම 63/10 පන්දුවාර 17.5 යි-නදීර තරංග 13 ජෙරොම් පෙරේරා 34 බිහඳු මනිත 6/18 තිනුවන් පෙරේරා 2/6 සිතුම් සංජය 1/9
ලුම්බිණි විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 69ක ජයක්.
එම කාණ්ඩයේ පැවති අනෙක් තරගයේදී කොළඹ මහානාම විද්‍යාලය (B) කණ්ඩායම වෙනුවෙන් විනුද ගුණතිලක පන්දුවට පහර දෙමින් පන්දු 42 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර 11ක් සමගින් වේගවත් ලකුණු 82 ක් ලබාගත් අතර පන්දු යවමින්ද ඔහු විසින් ඉනිම් දෙකේදීම ලකුණු 8 ට කඩුලු 05 බිඳ දැමීය.
සුසමයවර්ධන විද්‍යාලය පළමු ඉනිම 36/10 පන්දුවාර 17.2 යි.-බිනුක සුලක්ෂණ 10 සෙනුජ ගෙවීන් පෙරේරා 3/16 තරුණ ලෝකේෂ් මුණවීර 4/7 විනුද ගුණතිලක 1/2
කොළඹ මහානාම විද්‍යාලය (B) පළමු ඉනිම 162/2 පන්දුවාර 22 යි-විනුද ගුණතිලක නොදැවී 82 ඉනුක පෙරේරා 26 අභීනු ඉමෙත් 18 සෙනුර තීක්ෂණ 1/29
සුසමයවර්ධන විද්‍යාලය දෙවන ඉනිම 50/10 පන්දුවාර 33 යි.-කවීන් නිම්සර 23 සෙනුජ ජයලත් 12 තරුණ ලෝකේෂ් මුණවීර 3/23 විනුද ගුණතිලක 3/7 සන්දිල් ජයමහ 2/5 බිනර එදිරිසිංහ 2/9
කොළඹ මහානාම විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 86 ජයක්.