
TATA IPL 2023 අවසන් මහා තරගයට චෙන්නායි සුපර් කිංග්ස් සුදුසුකම් ලබයි.
-
2023-05-24 15:27 |
Views : 49
චෙන්නායි හි MA චිදම්බරම් ක්‍රීඩාංගනයේ පැවති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ගුජරාට් ටයිටන්ස් ලකුණු 15 කින් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් TATA IPL 2023 අවසන් මහා තරගයට පිවිසියේය.
රුතුරාජ් ගයික්වාඩ් පිත්තෙන් දස්කම් දැක්වුයේ ඔහු ලකුණු 60 (පන්දු44) රැස්කරමින්ය.ඔහු සමගින් පිටියට පිවිසි ඩෙවොන් කොන්වේ 40 (පන්දු 34) සමගින් පළමු කඩුල්ලට ලකුණු 87 ක සාර්ථක සබඳතාවයක් ාඩ නැගූහ. අම්බටි රයිදු (නොදැවී 17) සහ රවීන්ද්‍ර ජඩේජා (පන්දු 16 කින් 22) පසුව න් CSK පිල ලකුණු 172/7ක් දක්වා තරගකාරී මට්ටමකට ගෙන ගියහ.පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා (2/18) සහ මහේෂ් තීක්ෂණ (2/28) මතීෂ පතිරණ (2/36) දීපක් චාහර් (2/29) ගේ සාමූහික පන්දු යැවීමේ උත්සාහයක් ලෙස CSK හමුවේ GT ලකුණු 157කට දැවී ගොස් ඔවුන්ගේ 10 වැනි IPL අවසන් තරගයට පිවිසියේය.
ලකුණු හඹා යාමේදී අවසන් ඕවරයේදී ලකුණු 27ක් අවශ්‍යව තිබියදී, CSK ඔවුන්ගේ 10 වැනි IPL අවසන් මහා තරගයට පිවිසෙද්දී, CSK ඔවුන්ගේ 10 වැනි IPL අවසන් මහා තරගයට පිවිසීමත් සමඟ, පතිරණ ෂාමිගේ අවසන් කඩුල්ල දවාගත් නිසා,එම පන්දුවාරයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 11ක් පමණි.
මීට පෙර කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් නායක හර්දික් පාණ්ඩ්‍යා පන්දු යැවීමට තීරණය කළේය. යෂ් දයාල් වෙනුවට දර්ශන් නාල්කන්දේ ක්‍රීඩා කළ බැවින් ඔවුන් ආරම්භක XI හි එක් වෙනසක් සිදු කළේය.
අනෙක් අතට චෙන්නායි සුපර් කිංග්ස් නොවෙනස් එකොළොස් දෙනා නම් කළේය. ඔවුන් ඔවුන්ගේ ආදේශකයන් ලෙස මතීෂ පතිරණ, මිචෙල් සැන්ට්නර්, සුභ්‍රාන්ෂු සේනාපතිම් ෂෙයික් රෂීඩ් සහ ආකාෂ් සිං නම් කළහ.
ලකුණු සාරාංශය
චෙන්නායි සුපර් කිංග්ස් 172/7 (20)- රුතුරාජ් ගයික්වාඩ් 60 ඩෙවොන් කොන්වේ 40 රවීන්ද්‍ර ජඩේජා 22 මොහොමඩ් ෂාමි 2/28 මෝහිත් ෂර්මා 2/31 දර්ශන් නාල්කන්දේ 1/44 රෂීඩ් ඛාන් 1/37 නූර් අහමඩ් 1/29
ගුජරාට් ටයිටන්ස් 157/10 (20)-ශුබ්මන් ගිල් 42 රෂීඩ් ඛාන් 30 තුෂාර් දේශපාන්ඩේ 1/43 දීපක් චාහර් 2/29 රවීන්ද්‍ර ජඩේජා 2/18 මහේෂ් තීක්ෂණ 2/28මතීෂ පතිරණ 2/36