ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වන ස්ථානයට පත් ශ්‍රී ලංකාවට ඩොලර් 200,000 ක්.

    2023-05-27 07:57   |    Views : 252

ICC විසින් 2021-23 ලෝක ටෙස්ට් ශූරතාවලිය සඳහා ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී කණ්ඩායම් නවය අතර බෙදා ගැනීමට ඩොලර් මිලියන 3.8 ක සම්පූර්ණ මුදලක් වෙන්කර ඇත.
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ජුනි 7 සිට ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී අවසන් ටෙස්ට් තරගයේදී මුණගැසෙනු ඇත, ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2023 අවසන් මහා තරගයේ ජයග්‍රාහකයින්ට ඩොලර් මිලියන 1.6ක දැවැන්ත ත්‍යාගයක් හිමිවන අතර අනුශූරයන්ට ඩොලර් 800,000ක් හිමිවේ.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2021-23 ශ්‍රේණිගත කිරීම් වල තෙවැනි ස්ථානයට පැමිණීම සඳහා දකුණු අප්‍රිකාව ඩොලර් 450,000 ක්ද සිව්වන ස්ථානයට පත් වූ එංගලන්තය ඩොලර් 350,000 ක් ලබා ගනී. ශ්‍රී ලංකාව ඩොලර් 200,000 උපයා ගැනීමට සමත් වෙමින්  පස්වන ස්ථානයට පත්විය.

ඉතිරි කණ්ඩායම් වන නවසීලන්තය (අංක 6), පකිස්තානය (අංක 7), බටහිර ඉන්දීය කොදෙව් (අංක 8), සහ බංග්ලාදේශය (අංක 9) යන කණ්ඩායම්වලට ඩොලර් 100,000 බැගින් ත්‍යාග පිරිනැමේ.

Share on Facebook Share on WhatsApp Share on Viber