දිමුත් කරුණනාරත්න එක්දින සංචිතයට කැඳවයි.

    2023-05-31 06:46   |    Views : 269

ලබන මස (ජුනි මස 02) හම්බන්තොටදී ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව ආරම්භ වන තරග 03 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙක සඳහා නම් කරන ලද පහත සඳහන් සංචිතය ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේය.

දසුන් ශානක (නායක),පැතුම් නින්සංක,දිමුත් කරුණාරත්න,කුසල් මෙන්ඩිස් (උප නායක/කඩුලු රකින්නා),ඇන්ජලෝ මැතිව්ස්,චරිත් අසලංක,ධනංජය ද සිල්වා,සදීර සමරවික්‍රම,චාමික කරුණාරත්න,දුෂාන් හේමන්ත,වනිඳු හසරංග,ළහිරු කුමාර,දුෂ්මන්ත චමීර,කසුන් රජිත,මතීෂ පතිරණ,මහීෂ් තීක්ෂණ

මෙම සංචිතයට අයි.පී. එල්. තරගාවලියේ ජයග්‍රහී කණ්ඩායමේ දක්ෂතා දැක්වු මතීෂ පතිරණ එක්දින සංචිතයට කැදවා ඇති අතර දැනට ඔහු ජාත්‍යන්තර විස්සයි 20 තරගයකට පමණක් ක්‍රීඩාකර ඇත.

තවද ‌ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණනාරත්නව 2021 මාර්තු මාසයෙන් පසුව එක්දින සංචිතයට කැඳවා ඇත.

Share on Facebook Share on WhatsApp Share on Viber