ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් ප්රවීණයන්ගේ අවසන් තරගයට තැපැල් සහ පොලිස් දෙපාර්තමේන්තු ප්‍රවීණයන් සුදුසුකම් ලබති.
-
2023-06-01 08:10 |
Views : 1101
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් ප්රවීණයන්ගේ අවසන් තරගය සඳහා තැපැල් දෙපාර්තමේන්තු ප්රවීණයන්ගේ පිල සහ පොලිස් දෙපාර්තමේන්තු ප්රවීණයන්ගේ පිල සුදුකම් ලබා ගැනීමට සමත්විය.
මෙම අවසන් පුර්ව තරග දෙක අද (31) දිනයේ කොළඹ දුම්රිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (Railway Ground) පැවැත් වුණි.මෙහි අවසන් තරගය මෙම ක්‍රීඩාංගණයේදීම ජුනි මස 07 වන දින පැවත්වේ.
මෙම තරගාවලියට A,B,C,D කාණ්ඩ වශයෙන් කණ්ඩායම් 17 ක් තරග වැදුණ අතර එහිදී A කාණ්ඩය නියෝජන කරමින් පළමු ස්ථානය හිමිකර පොලිස් දෙපාර්තමේන්තු පිල සහ දෙවන ස්ථානය හිමිකර ගත් තැපැල් දෙපාර්තමේන්තු පිල අවසන් තරගයට සුදුසුකම් ලැබීම සුවිශේෂත්වයකි.මෙම තරගාවලිය විස්සයි 20 තරගාවලියක් ලෙසට පැවැත්වුණි.
අවසන් පුර්ව තරගයන්හි සාරාංශය පහතින් දැක්වේ.
පොලිස් දෙපාර්තමේන්තුව 180/6 (20)-අජිත් පෙරේරා 29 මහේෂ් ප්‍රියදර්ශන 67 අනුෂ්කා රාමනායක නොදැවී 38 රුසිරු ජයතිලක 3/34 දිනේෂ් බියගම 2/29
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 133/10 (18)-රාමක්‍රිෂ්ණන් සුමන් 41 රුවන් නිශාන්ත 30 මහේෂ් ප්‍රියදර්ශන 4/25 අනුර ප්‍රියන්ත 2/25 මලින්ද අබේරත්න 3/20
පොලිස් ප්රවීණයන්ගේ පිලට ලකුණු 47ක ජයක්.
දකුණු පළාත් සභා ප්‍රවීණයන් 174/7 (20)-රංගන ජයසේන 23 ඩිලාන් උදයමාල් 109 ජානක අංජන 14 රෝහණ කුමාර 2/24 චන්දිම අබේරත්න 1/27 නිලංක ප්‍රනාන්දු 1/20
තැපැල් දෙපාර්තමේන්තු ප්‍රවීණයන් 176/4 (19.4)-චමින්ද වික්‍රමසිංහ 27 සඳමාල් අල්විස් 74 නලින් ප්‍රියශාන්ත 2/28 ප්‍රසන්න නෙරංජන් 1/8 රංගන ජයසේන 1/32
තැපැල් දෙපාර්තමේන්තු ප්‍රවීණයන්ට කඩුලු 6ක ජයක්.