රෂීඩ් ඛාන් හට ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරග දෙක අහිමි වේ.

    2023-06-01 16:43   |    Views : 902

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන රෂීඩ් ඛාන් ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු එක්දින දෙක සඳහා සහභාගි නොවන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේය.එහි වැඩි දුරටත් සඳහන් වන්නේ පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් රෂීඩ් ඛාන් තරගා වලියේ පළමු තරග දෙක අහිමි වන බවයි.

ජාත්‍යන්තර එක්දින තරග 83 කට සහභාගි වී ඇති රෂීඩ් ඛාන් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව කඩුලු 163 කි.රෂීඩ් ශ්‍රී ලංකාවට එරෙහිව තරග 05 කදී කඩුලු 09 ක් දවාගෙන ඇති අතර දක්ෂතම පන්දු යැවීම සටහන් වන්නේ (4/37) ලෙසටය.

ඔහු පසුගිය සදුඳා IPL අනුශුරතාවය හිමිකර ගත් ගුජරාට් ටයිටන්ස් පිලෙහි සාමාජිකයෙකු වු අතර රෂීඩ් නොමැති විට මොහොමඩ් නබි, මුජීබ් උර් රහ්මාන් සහ නූර් අහමඩ් දඟ පන්දු අංශයේ අමතර වගකීමක් දැරීමට සිදුවනු ඇත.

වැඩි දුරටත් සඳහන් වන්නේ ඔහු පූර්ණ වෛද්‍ය නිරීක්ෂණ යටතේ සිටින අතර ජුනි 7 වනදා අවසන් එක්දින තරගය සඳහා නැවත පැමිණීමට අපේක්ෂා කරන බවයි.

Share on Facebook Share on WhatsApp Share on Viber