
ශ්‍රී ලංකා වයස අ.වු 19 න් පහළ කණ්ඩායමට එරෙහි සිව්දින තරගයේ වැඩි වාසිය පාකිස්තාන යෞවනයන්ට.
-
2023-10-17 08:41 |
Views : 210
කරච්චියේ ජාතික බැංකු ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා වයස අ.වු 19 න් පහළ කණ්ඩායමට එරෙහි සිව්දින තරගයේ දී ප්‍රබල ස්ථානයක් අත්පත් කර ගැනීම සඳහා පකිස්තාන U19 සමත් විය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම තරගය දෙවන දිනයට නතර කරන විට ලකුණු 155-6ක් ලෙසින් පසුබෑමකට ලක්ව සිටි අතර, පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ පළමු ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 433-9ක් ලෙසට ඉනිම අත්හිට වන ලදි.
පකිස්තාන 19න් පහළ පිල දෙවැනි දිනයට ඕවර 90කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 319 සිට සිය ඉනිම යළි ආරම්භ කළේය. දිනය තුළ කඩුලු 8ක් දැවී සත්කාරක කණ්ඩායම තවත් ලකුණු 114ක් එක් කළේය. ඕවර 121.3කදී ඔවුන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව 433 දක්වා ගෙන යාමෙන් අනතුරුව නායක සාද් බේග් ඉනිම අත්හිටු ප්‍රකාශ කළේය.
ෂහසයිබ් ඛාන් පන්දු 276කින් ලකුණු 161ක් රැස්කරමින් පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ආරම්භක සගයා වූ අසාන් අවයිස් පන්දු 221කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 104ක් රැස් කළේය. සාද් ද ශක්තිමත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 70කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 68ක් රැස් කළේය. මල්ෂා තරුපති කඩුලු කඩුලු 03 ක්ද විහාස් තෙව්මික සහ රුවිශාන් පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්හ.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා 19 න් පහළ පන්දුවාර 56කදී ලකුණු 155ක් රැස්කළ අතර ඒ අතරතුර කඩුලු 6ක් දැවී ගියහ. පුල්ලිඳු පෙරේරා නොදැවී අර්ධ ශතකයක් (නොදැවී 53, 71b, 8x4) ලබා ගනිමින් කැපී පෙනෙන පිතිකරුවෙක් විය. නායක සිනෙත් ජයවර්ධන පන්දු 45කදී ලකුණු 38ක් සහ හතරේ පහර 7ක් සමගින් පිත්තෙන් දස්කම් දැක්වූ අනෙක් පිතිකරුවා විය. අයිමාල් ඛාන් කඩුලු දෙකක් ලබා ගත්තේය.
පකිස්ථානය සමග පැවැත්වෙන සිවුදින තරගයේ තුන්වන දිනයට පෙර ශ්‍රී ලංකා U19 පිල ලකුණු 278ක් පසුපසින් සිටී.
කෙටියෙන් ලකුණු
පකිස්තාන වයස අවුරුදු 19න් පිල 433-9, ඕවර 121.3 (ෂාසායිබ් ඛාන් 161, අසාන් අවායිස් 104, සාද් බේග් 68; මල්ෂා තරුපති 3-75, රුවිශාන් පෙරේරා 2-44, විහාස් තෙව්මික 2-105)
ශ්‍රී ලංකා 19න් පහළ 155-6, ඕවර 56 (පුල්ලිඳු පෙරේරා නොදැවී 53, සිනෙත් ජයවර්ධන 38; අයිමාල් ඛාන් 2-39, අරෆත් මින්හාස් 1-15, අලි අස්ෆන්ඩ් 1-15, නවීඩ් අහමඩ් ඛාන් 1-25, මොහොමඩ් ඉබ්තිසාම් 1-33 )