විරාත් කෝලිගේ වාර්තාගත ශතකයෙන් පසු ඉන්දියාව නවසීලන්තය පරදවා අවසන් තරගයට.

    2023-11-16 17:49   |    Views : 399

විරාත් කෝලිගේ වාර්තාගත 50 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කරමින් මුම්බායි හි පැවති අවසන් පුර්ව තරගය නවසීලන්තය පරාජය කරමින් ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසියේය.

ඉන්දියාව ලකුණු 397-4ක් රැස් කරද්දී සුපිරි ක්‍රීඩක කෝලි ඔහුගේ හිටපු විශිෂ්ට ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ගේ ශතක වාර්තාව අභිබවා ගියේය.

එහෙත් නවසීලන්තය වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති සත්කාරකයන්ගේ ජයග්‍රහණයට දැඩි තර්ජනයක් ගෙන එන ලදි.

ඩැරිල් මිචෙල් තමාගේම විශිෂ්ට ශතකයක් රැස් කළ අතර නායක කේන් විලියම්සන් සමඟ එක්ව පන්දු 149 කදී ලකුණු 181 ක් රැස්කරමින් බ්ලැක් කැප්ස් කණ්ඩායමට අවශ්‍ය අඩිතාලම ලබා දුන්නේය.

මොහොමඩ් ෂාමි ලකුණු 69කට විලියම්සන් ද 33 වැනි ඕවරයේදී ටොම් ලේතම් පන්දු දෙකකින් දැවී යන විට ද බ්ලැක් කැප්ස් පීඩනයක් දැනෙන්නට විය.මොහොමඩ් ෂාමි මෙහිදී 57/7 ලෙසට දක්ෂ පන්දු යැවීමක නිරත විය.

මීට පෙර කෝලි ආයාසයකින් තොරව පන්දු 113කින් ලකුණු 117ක් රැස් කළ අතර ශ්‍රෙයාස් අයියර් තරගයේ වේගවත්ම ශතකය - පන්දු 70කදී ලකුණු 105ක් රැස් කළේ හයේ පහර 8ක් සමඟිනි.



2011 වසරේ මව් බිමේ ජයග්‍රහණයෙන් පසු ඔවුන්ගේ පළමු ලෝක කුසලාන ශූරතාව හඹා යන ඉන්දියාව, ඉරිදා අහමදාබාද්හි පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව හෝ දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කරනු ඇත.

දෙවැනි අවසන් පූර්ව තරගය බ්‍රහස්පතින්දා කොල්කටාහිදී පැවැත්වේ.

Share on Facebook Share on WhatsApp Share on Viber