TATA Indian Premier League (IPL) 2024 ශූරතාව කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) පිලට.

    2024-05-27 15:33   |    Views : 141

කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) TATA Indian Premier League (IPL) 2024 ශූරතාව දිනා ගත්තේ චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී Sunrisers Hyderabad (SRH) කණ්ඩායමට එරෙහිව තුන් ඉරියව් දස්කම් දක්වමිනි. 2012 දී එම පිටියේදීම, KKR ඔවුන්ගේ මංගල ශූරතාව දිනා ගත් අතර 2024 මැයි 26 දින, ඔවුන් තෙවන වතාවටත් කුසලානය දිනා ගැනීම සමත් විය.

KKR පන්දු යවන්නන් ඉතා හොඳින් ක්‍රියා කරමින් SRH පිතිකරණ පන්දුවාර 18.3කදී සියලු දෙනා දවා ගනිමින් ලකුණු 113 සීමා කරමින් එම ඉලක්කය කඩුලු 8ක් අතැතිව පන්දුවාර 10.3 කදී සපුරා ගත්හ.

කාසියේ වාසියේ දී KKR නායක ශ්‍රෙයාස් අයියර් පැවසුවේ තමන් පළමුව පන්දු යැවීමට කැමති බවයි ඉන් අනතුරුව ඒඩන් මාක්‍රම් (20) නායක පැට් කමින්ස් (24) පමණක් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළත් ප්‍රධාන ලකුණු පුවරුව (KKR) පිලට තරගකාරී පුමාණවත් ලකුණු මට්ටමක් ගෙනදීමට (SRH) පිලට නොහැකි විය.පන්දු යැවීමේදී ඇන්ඩ්‍රේ රසල් කඩුලු 3 ක්ද හර්ෂිත් රානා සහ මිචෙල් ස්ටාක් කඩුලු දෙක බැගින් දවා ගත්හ. සුනිල් නරේන් සහ වරුන් චකරවර්ති කඩුල්ල බැගින් දවා දවා ගනිමින් (SRH) පිලෙහි ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල කිරීමට විය.

ලකුණු හඹා යාමේදී රහ්මානුල්ලා ගුර්බාස් (39) සහ වෙන්කටේෂ් අයියර් පන්දු 26 කදී හයේ පහර 3ක්ද හතරේ පහර 04 ක් සමගින් වේගවත් ලකුණු 52 ක් ලබා ගැනීමට සමත් වු අතර KKR බිඳ වැටුණ කඩුලු දෙක දවා ගැනීමට පැට් කමින්ස් සහ ෂාබාස් අහමඩ් සමත් විය.


Sunrisers Hyderabad පන්දුවාර 18.3 කදී සියලුම දෙනා දැවී 113 යි- ඒඩන් මාක්‍රම් 20 පැට් කමින්ස් 24 හෙන්රිච් ක්ලාසන් 16 ඇන්ඩ්‍රේ රසල් 19/3 හර්ෂිත් රානා 2/24 මිචෙල් ස්ටාක් 2/14 සුනිල් නරේන් 1/16 වරුන් චකරවර්ති 1/9

කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) පන්දුවාර 10.3 කදී කුඩුලු 2 කට 114 යි.-රහ්මානුල්ලා ගුර්බාස් 39 වෙන්කටේෂ් අයියර් නොදැවී 52 පැට් කමින්ස් 1/18 ෂාබාස් අහමඩ් 1/22

Share on Facebook Share on WhatsApp Share on Viber