ශ්‍රී ලංකාව බංග්ලාදේශයටත් පරාජය වෙයි.

    2024-06-10 06:30   |    Views : 517

පිට පිට 2 වැනි තරගයෙන් ද පරාජයට පත් වීම නිසා 9 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන
ක්‍රිකට් තරගාවලියේ දී තම සහභාගීත්වය පළමු වටයට පමණක් සීමා විමේ අවධානමකට
ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී සිටී.
අද (08) Dallas හි දී අවසන් වු බංග්ලාදේශය සමඟ තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 2කින්
පරාජයට පත් වූ අතර මීට පෙර පැවැති දකුණු අප්‍රිකාව සමඟ තරගයෙන් ද ඔවුන් කඩුලු
6ක පරාජයකට මුහුණ දුන්හ. ඒ අනුව ඔවුන් මේ වන විට D කාණ්ඩයේ රැදී සිටින්නේ
අවසන් ස්ථානයේයි.
• 15 වැනි තරගය, D කාණ්ඩය (රාත්‍රී), Dallas, ජුනි 07, 2024
ශ්‍රී ලංකාව - කඩුලු 9ක් දැවී 124 (20.0) පැතුම් නිස්සංක 47, ධනංජය ද සිල්වා 21, චරිත්
අසලංක 19, Taskin Ahmed 2/25, Mustafizur Rahman 3/17, Rishad Hossain 3/22
බංග්ලාදේශය - කඩුලු 8ක් දැවී 125 (19.0) Litton Das 36, Towhid Hridoy 40, නුවන්
තුෂාර 4/18, වනිඳු හසරංග 2/32
බංග්ලාදේශයට කඩුලු 2ක ජයක්.
තරගයේ වීරයා - Rishad Hossain (බංග්ලාදේශය)

Share on Facebook Share on WhatsApp Share on Viber