SLCS
ප්‍රවීන් එංගලන්ත යෞවනයෝ පාලනය කරයි

ප්‍රවීන් එංගලන්ත යෞවනයෝ පාලනය කරයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර වෝම්ස්හි ශ්‍රීමත් පෝල් ගෙටී ක්‍රීඩාංගණයේ දී පැවැති සිව් දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (11) ජය පරාජයෙන් තොරව අවසන් වූවේ ය.

තරගයේ සිවු වැනි දිනයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් මනීෂ එංගලන්ත පළමු ඉනිම අසරණ කිරීමට පෙරමුණ ගත්තේ ය. දකුණතින් දඟ පන්දු යැවූ ප්‍රවීන් මනීෂ තම පන්දු යැවීම අවසන් කරන්නේ 21.3- 5- 56 -6ක් ලෙසිනි.

ඒ අනුව එංගලන්ත ඉනිම ලකුණු 247කට සීමා වූ අතර නැවත 2 වැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු‍ 4ක් දැවී ලකුණු 192ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් ශාරුජන් ශම්මුගනාදන් පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 73ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වුයේ ය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම - පළමු ඉනිම සියලු‍ම දෙනා දැවී 324 (85.4) මහිත් පෙරේරා 22, දිනුර කළුපහන 104, දිනිරු අබේවික්‍රමසිංහ 43, නේතන් කල්දේරා 55, විහස් තෙව්මික 19, එන් ශර්මා 2/59, එම් ෆ්‍රෙන්ච් 4/81, ඇලෙක්ස් ග්‍රීන් 2/36

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම - පළමු ඉනිම සියලු‍ම දෙනා දැවී 247 (72.3)‍ ෆෙඩී මැක්කෑන් 92, ‍‍කේෂණ ෆොන්සේකා 86, එම් ෆ්‍රෙන්ච් 19, විහස් තෙව්මික 2/37, ප්‍රවීන් මනීෂ 6/56

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම - දෙවැනි ඉනිම කඩුලු‍ 4ක් දැවී 192 (56.0) පුලිඳු පෙරේරා 34, සදෙව් සමරසිංහ 20, ශාරුජන් ශම්මුගනාදන් 73, ගයන වීරසිංහ 33, මහිත් පෙරේරා නොදැවී 20, ‍‌ජේඩ්න් ‍‍‌‍ඩෙන්ලි 2/57

දෙරට අතර පැවැත්වෙන 2 වැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 16 වැනිදා ක්‍යැකඑැබය්ප විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය.