තුන් කොන් තරගාවලියට යන 19න් පහළ කණ්ඩායම නම් කරයි
-
2024-09-14 09:00 |
Views : 204
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ තුන් කොන් එක්දින සීමිත පන්දුවාර සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇති මෙම කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි නානායක්කාර වෙතයි. කණ්ඩායමේ උප නායකත්වය මාතර අනුලා විද්‍යාලයේ රශ්මිකා සෙව්වන්දි ට හිමිව ඇති අතර නම් කරන ලද කණ්ඩායමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ශාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න ද ඇතුලත් වේ.
සංචාරය සඳහා එක් වෙන 16 දෙනෙක්ගෙන් යුත් සංචිතයේ ක්‍රීඩිකාවන් 6 දෙනෙක් ම රත්ගම දේවපතිරාජ විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩිකාවන් වීම කැපි පෙණෙන සිදුවීමකි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම
මනුදි නානායක්කාර (නායිකා - වේල්ස් කුමරි විද්‍යාලය, මොරටුව), රශ්මිකා සෙව්වන්දි (උප නායිකාව - අනුර විද්යාලයල, මාතර), සුමුදු නිසංසලා (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), සංජනා කාවින්දි (දේවපතිරාජ විද්යාලයල, රත්ගම), විමෝක්ෂා බාලසූරිය (සිංහල මහ විද්යාලයල, ත්‍රීකුණාමලය), රශ්මි නේත්‍රාංජලී (දේවපතිරාජ විද්යාලයල, රත්ගම), එරන්දි හංසමාලි (මැදි විදුහල, වාද්දුව), ප්‍රමුදි මෙත්සරා (උහන මධ්‍ය මහා විද්යාලයල, අම්පාර), හිරුණි හංසිකා (දේවපතිරාජ විද්යාලයල, රත්ගම), චමෝදි ප්‍රබෝධා (පඤ්ඤානන්ද විද්යාලයල, මොණරාගල), දැහැමි සනෙත්මා (අනුලා විද්‍යාලය, නුගේගොඩ), අශේනි තලගුණේ (මහාමායා බාලිකා විද්යාලයල, මහනුවර), ශෙහාරා ඉඳුවරී (දේවපතිරාජ විද්යාලයල, රත්ගම), දනුලි තෙන්නකෝන් (මලියදේව බාලිකා විද්යාලයල, කුරුණෑගල). නෙතගි ඉසුරංජලි (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), ලිමන්සා තිලකරත්න.