ශ්‍රී ලංකා ඒ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ඒ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (13) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැති 2 වැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 104ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මෙම තරගයේ දී බංග්ලාදේශයේ පා දඟ පන්දු යවන රබේයා කාන් ලකුණු 04කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වීමට සමත් වීම කැපී පෙණුනි.
තරගයේ කෙටි ලකුණු පුවරුව
බංග්ලාදේශ ඒ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 164 (20.0)
(ශාති රානි 50, සෝබනා මොස්ටරි 39, නයිගර් සුල්තානා නොදැවී 34, මල්කි මදාරා 25/2, මල්ෂා ෂෙහානි 22/2)
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම – සියලුම දෙනා දැවී 60 (16.4)
(නෙත්මි පූර්ණා 18, සුල්තානා කටුන් 11/2, රබේයා කාන් 04/4, ෆහීමා කටුන් 03/2)