කිංග්ස්වුඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

    2024-09-17 05:23   |    Views : 81

පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16 වැනිදා) අවසන් වූ තරගයකදී කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය. එන්.සී.සී ක්‍රීඩාංගණයේදී 15 සහ 16 දෙදින පුරා පැවැති මෙම තරගය සාම්ප්‍රදායික තරගයකි.

මෙහිදී කිංග්ස්වුඩ් පිල වෙනුවෙන් නායක කවිජ ගමගේ සටන්කාමී පිතිහරඹයක නිරත වෙමින්  පන්දු 87 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 02 ක් සමගින් නොදැවී ලකුණු 97 ක් රැස් කළේය. ආනන්ද පිල වෙනුවෙන් ශාරද ඉඳුවර කඩුලු 06 ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 77.2 කදී කඩුලු 08 ක් දැවී ලකුණු 208

(මිහින් මුණසිංහ 38, දනිඳු සෙල්ලපෙරුම 43, කෙනුල් ද සොයිසා 25, ඔවින් පෙරේරා 46, අහිංස නයිනායක 26,  කෙනුල ලක්වින් 41/4, කවිජ ගමගේ 71/3)

කිංග්ස්වුඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 92.2 කදී සියලු දෙනා දැවී 253

(කවිජ ගමගේ නොදැවී 97, චනුල් කොඩිතුවක්කු 45, යෝසත් අබේකෝන් 36, අහිංස නයිනායක 52/2, ශාරද ඉඳුවර 54/6)

ආනන්ද විදුහල් දෙවන ඉනිම - ඕවර 23 කදී කඩුල්ලක් දැවී 84

(නෙතුල එදිරිමාන්න නොදැවී 23, මිහින් මුණසිංහ 51, කෙනුල ලක්වින්32/1)

Share on Facebook Share on WhatsApp Share on Viber