කුසල් පිතිකරණ ලැයිස්තුවේ පහළට වැටෙයි
-
2024-09-18 07:31 |
Views : 222
නවසීලන්තයට එරෙහිව හෙට (18 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පියවර ගත්තේය.
එහිදී අංක 3 ස්ථානයේ පිතිකරණයේ යෙදුනු කුසල් මෙන්ඩිස්ට පිතිකරු ලැයිස්තුවේ 7 වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදුවිය. කුසල් මෙන්ඩිස්ගේ පසු බැසීමත් සමගින් දිනේෂ් චන්දිමාල් අංක 3 ස්ථානයේ පන්දුවට පහරදෙනු ඇත.
පිතිකරණ ලැයිස්තුවේ පහළට වැටුණු කුසල් මෙන්ඩිස්ට කඩුලු රැකීමේ වගකීමද දැරීමට සිදුව තිබේ.
එංගලන්තයට එරෙහි අවසන් ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වේගපන්දු යවන්නන් සිව්දෙනෙකු යොදාගත් අතර ප්‍රධාන දගපන්දු යවන්නන්ට අවස්ථාව හිමි නොවූහ. නමුත් නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා ප්‍රධාන දගපන්දු යවන්නන් දෙදෙනෙකු යොදා ගෙන ඇත.
දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් වසරකට පසු නැවත කණ්ඩායමට එක්වී ඇති අතර අවසන් වරට ඔහු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2023 ජූලි මාසයේදීය.
එංගලන්ත සංචාරයේදී පළමු ටෙස්ට් තරග දෙකට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරියට අවසන් තරගය අහිමි වුවත් නවසීලන්තයට එරෙහිව හෙට ආරම්භවන පළමු ටෙස්ට් තරගයට ඔහුව ඇතුළත් කර ඇත.
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග 2 අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන බැවින් තරගාවලිය 2-0 ක් ලෙස ජයග්‍රහණය ලබාගතහොත් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවනු ඇත.
ප්‍රසාද ලකුණු 42.86 ක් ලබාගෙන ඇති ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවන්නේය.
පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම:
දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු.
නවසීලන්ත සංචිතය:
ටිම් සවුති (නායක), කේන් විලියම්සන්, ටොම් ලෙතම්, විල් යංග්, ඩෙවෝන් කෝන්වේ, බෙන් සියර්ස්, මයිකල් බ්රෙස්වේල්, ඩැරිල් මිචෙල්, අජාස් පතෙල් රචින් රවින්ද්‍ර, මිචෙල් සෑන්ටර්, මැතිව් හෙන්රි, විලියම් ඕරූක්, ටොම් බ්ලන්ඩල්, සහ ග්ලෙන් පිලිප්ස්.
Share on Facebook Share on WhatsApp Share on Viber