'බී' ශ්‍රේණියේ ශූරතාව ගාලු ක්‍රිකට් සමාජයට
-
2024-09-19 09:46 |
Views : 202
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ආරාධිත කණ්ඩායම් අතර පැවැති ‘බී‘ ශ්‍රේණියේ තෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට ගාල්ල ක්‍රිකට් සමාජය සමත් වූවේ ය.
කණ්ඩායම් 12ක ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ ශූරයන් තීරණය කෙරුණේ එක් එක් කණ්ඩායම සමඟින් පැවැති තරගවල දී හිමි වූ ප්‍රසාද ලකුණු ගණනය කිරීමෙනි.
ඒ අනුව තරගාවලිය අවසන් වන විට ගාලු ක්‍රීඩකයෝ පූර්ණ ජයග්‍රහණ 7ක්, පළමු ඉනිමේ ජයග්‍රහණයක්, නොවිසඳුණ තරගයක්, පූර්ණ තරග පරාජයක් සහ පළමු ඉනිමේ පරාජයක් ලෙසින් තරග අවසන් කරමින් ලත් ප්‍රසාද ලකුණු මත මෙම ශූරතාවට හිමිකම් කී හ.
තරගාවලියේ 2 වැනි ස්ථානය ලියෝ ක්‍රිකට් සමාජයට ද සහ තෙවැනි ස්ථානය මැලේ ක්‍රිකට් සමාජයට ද හිමි විය.
තරගාවලියේ ප්‍රසාද ලකුණු මත අවසන් ස්ථාන 4ට පත් කණ්ඩායම් එළැඹෙන වසරේ දී මෙම කාණ්ඩය අහිමි වන අතර ඒ අනුව මහනුවර ක්‍රිකට් සමාජයල ලංකන් ක්‍රිකට් සමාජයල ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ ආදි ධර්මපාල ක්‍රීඩා සමාජයට ඒ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දීමට සිදු වුණි.
ජයග්‍රාහී ගාල්ල ක්‍රිකට් සමාජය - බුද්ධික හසරංග (නායක), සදෙව් ඉඳුවර, අමිත් එරන්ද, ලිසුල ලක්ෂාන් (කඩුලු රකින්නා), දුලාජ් රණතුංග, හසිත සුරංග, හංසමාන ද සිල්වා, නිමන්ත ගුණසිරි, රජීව වීරසිංහ, චානක දේවින්ද, උශාන් මනෝහර, අමිත කෞශල්‍ය, චතූපම ගුණසිංහ, හිරුෂ පියුමාල්, සාලින්ද උශාන්, සමිත් ඉසුරු, සම්පත් පෙරේරා, සුභානු රාජපක්ෂ, තරිඳු රුක්ශාන්, තිලංක ද සිල්වා, විදුර ලක්ශාන් සහ විශ්ව රාජපක්ෂ.
නිලධාරීන් - සී. කේ. හේවාමාන්න (කළමණාකරු), ගයාන් සමීර (ක්‍රිකට් ලේකම්), හසිත රාජපක්ෂ (ප්‍රධාන පුහුණුකරු), සාලින්ද උශාන් (සහාය පුහුණුකරු), මනුක ගුණරත්න (ශාරීරික අභ්‍යාස පුහුණුකරු), කෞෂාල් ද සිල්වා (ලකුණු සටහන්කරු), සිරිපාල වීරතුංග (කණ්ඩායම් සහායක).
Share on Facebook Share on WhatsApp Share on Viber