SLCS
විස්සයි20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා පිලේ නිළ ඇඳුම එළි දක්වයි

විස්සයි20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා පිලේ නිළ ඇඳුම එළි දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ක්‍රිකට් ඇඟලුම් සහකරු වන මූස් ක්ලෝතින්ග් සමාගම විසින් අයි.සී.සී. විස්සයි20 කාන්තා ලෝක කුසලානය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිළ ඇඳුම එළිදැක්වීය.

ලෝක කුසලානයට යාමට පෙර ජාතික කාන්තා පිලේ නායිකා චමරි අතපත්තුට එම නිළ ඇඳුම භාර දෙන ලදී.

මෙම භාරදීම මූස් ඇගලුම් සමාගමේ විධායක අධ්‍යක්ෂ හසිබ් ඕමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී සිදුකෙරුණි.

ජායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට්