විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්සත් අරාබී එමීර් රාජ්‍යය බලා අද (23 වැනිදා) උදෑසන පිටත්ව ගියහ.
ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.
එහිදී මූලික වටයේ තරග සඳහා ‘ඒ‘ කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඩුබායි සහ සාජාහිදී තරග 4 කට සහභාගිවීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවට අමතරව ‘ඒ‘ කාණ්ඩයෙන් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ නවසීලන්තය ක්‍රීඩා කරනු ලැබේ.
ජායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට්