මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු ධූරය නැවතත් මහේලට.

    2024-10-14 08:57   |    Views : 274

මුම්බායි ඉන්දියන්ස් IPL 2025 තරගවාරය සඳහා ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන නැවත පත් කර ඇත. ජයවර්ධන IPL 2024 තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු ලෙසට කටයුතු කළ මාර්ක් බවුචර් වෙනුවට මුම්බායි ඉන්දියන්ස් එම තනතුරට මහේල පත්කකරඇත.

ජයවර්ධන මීට පෙර 2017 සිට 2022 දක්වා මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

මුම්බායි ඉන්දියන්ස් හි ආකාෂ් අම්බානි මහතා පැවසුවේ, මහේල නැවත මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම ගැන අපි සතුටට පත්වෙනවා. ඔහුව නැවත MI වෙත ගෙන ඒමට අවස්ථාව උදා විය. ඔහුගේ නායකත්වය, දැනුම සහ ක්‍රීඩාව සඳහා ඇති ආශාව සැමවිටම MI වෙත ප්‍රයෝජනවත් වී ඇත. පසුගිය වාර දෙක තුළ මාර්ක් බවුචර් දැක්වූ දායකත්වයට ස්තූති කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි.

IPL තරගාවලියන්හි මුම්බායි ඉන්දියන් 5 වරක් ශූරතාව දිනාගැනීමට සමත් විය.2024 පැවති අදියරේදී මුම්බායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් (10) ස්ථානයට පත්විය.

Share on Facebook Share on WhatsApp Share on Viber