බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 5 ක ජයක්.

    2024-10-14 09:45   |    Views : 122

තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති ප්‍රථම තරගයෙන් කොදෙව් කණ්ඩායම කඩුලු 5ක ජයක් හිමි විය.

කාසියේ වාසය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා පිලෙහි කමිඳු මෙන්ඩිස්ගේ සහ නායක චරිත් අසලංකගේ අර්ධ ශතක සහයෙන් සත්කාරක ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 179 ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු හඹා යාමට කොදෙව් අරම්භක පිතිකරුවන් වූ බ්‍රැන්ඩන් කිං සහ එවින් ලුවිස් පළමු කඩුල්ලට වේගවත්ව පන්දු 54 කදී ලකුණු 107 ක සබඳතාවයක් ගොඩ නැගූහ.

ශ්‍රී ලංකා පිල ලකුණු 179/7 ප.වා 20 කදී- කුසල් මෙන්ඩිස් 19 කමිඳු මෙන්ඩිස් 51 චරිත් අසලංක 59 භානුක රාජපක්ෂ 17 අල්සාරි ජෝසප් 1/40 ෂමර් ජෝශප් 1/27 රොමාරියෝ ෂෙපර්ඩ් 2/39 ගුඩකේෂ් මෝටි 1/16 ෂමර් ස්ප්රින්ගර් 1/25

බටහිර ඉන්දීය කොදෙව් පිල 180/5 ප.වා 19.1කදී- බ්‍රැන්ඩන් කිං 63 එවින් ලුවිස් 50 රොස්ටන් චේස් 19 වනිඳු හසරංග 1/38 මහේෂ් තීක්ෂණ 1/31 මතීෂ පතිරණ 2/27

තරගයේ වීරයා- බ්‍රැන්ඩන් කිං


Share on Facebook Share on WhatsApp Share on Viber