
වර්ෂාවෙන් කාන්තා තරගාවලියේ ආරම්භයට බාධා
-
2024-10-15 00:09 |
Views : 348
දිවයින පුරා පවතින අධික වර්ෂා පතනය හේතුවෙන් අන්තර්සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භය දින 9 කින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14 වැනිදා) තීරණය කළේය.
ඒ අනුව හෙට (15 වැනිදා) ආරම්භවීමට නියමිතව තිබූ අන්තර්සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය 23 වැනිදා දක්වා කල් දමා ඇත.
කණ්ඩායම් 15 ක සහභාගීත්වයෙන් කාණ්ඩ දෙකක් යටතේ තරගාවලිය පැවැත්වේ. ඒ කාණ්ඩය යටතේ කණ්ඩායම් 7 ක් ද බී කාණ්ඩය යටතේ කණ්ඩායම් 8 ක් ද තරග වදිනු ඇත.
Share on Facebook Share on WhatsApp Share on Viber