නවසීලන්ත කණ්ඩායම නොවැම්බරයේ ලංකාවට

    2024-10-16 06:04   |    Views : 410

විස්සයි20 තරග 2 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත සීමිත ඕවර තරගාවලියක් සඳහා නවසීලන්ත කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇත.

සියළුම තරග දඹුල්ල සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.

විස්සයි20 තරග දෙක නොවැම්බර් 9 සහ 10 දෙදින තුළදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පළමු එක්දින තරගය නොවැම්බර් 13, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත්, දෙවැනි සහ තෙවැනි එක්දින තරග නොවැම්බර් 17 සහ 19 දෙදින තුලදී මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Share on Facebook Share on WhatsApp Share on Viber