SLCS
චෙන්නායි පිලට ලකුණු 20ක ජයක්

චෙන්නායි පිලට ලකුණු 20ක ජයක්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයෙන් සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 20 ක ජයක් හිමි කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 167ක් ලබා ගත් අතර හයිද්‍රාබාද් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 147ක් පමණි.

තරගයේ වීරයා ; රවින්ද්‍ර ජඩේජා

චෙන්නායි සුපර් කිංග්ස් ; කඩුලු 6ක් දැවී 167 (20)

සැම් කරන් 31, ශේන් වොට්සන් 42, අම්බති රායුදු 41, මහේන්ද්‍ර සිං දෝනි 21, රවින්ද්‍ර ජඩේජා නොදැවී 25, සන්දීප් ශර්මා 2/19, කලීල් අහමඩ් 2/45, à¶§à·“. නටරාජන් 2/41

සන්රයිස් හයිද්‍රාබාද් ; කඩුලු 8ක් දැවී 147 (20)

ජොනි බෙයාර්ස්ටොව් 23, කෙන් විලියම්සන් 57, කරන් ශර්මා 2/37, ඩිවයින් බ්‍රාවෝ 2/25