මිකි ආතර් ලොකු බලාපොරොත්තුවකින්

    2020-10-14 10:32   |    Views : 214

By Editorial

එංගලන්ත තරග සංචාරය මෙන් ම දකුණු අප්‍රිකාව සමග ද පැවැත්වීමට  නියමිත තරගාවලි සැලසුම් කළ අයුරින්පැවැත්විය හැකි යැයි තමන් බලාපොරොත්තු වන බැව් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකි ආතර් පසුගියදා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ය.

මේ හේතුවෙන් ම එළැඹෙන වසර වඩාත් කාර්ය බහුල වේ යැයි ද ඔහු පවසා ඇත.

Covid 19 වෛරසය හේතුවෙන් පසුගිය පෙබරවාරියේ දී à¶’ වන විට මෙරට සංචාරය කරමින් සිටි එංගලන්ත ක්‍රීඩකයෝ තරගාවලිය අතහැර එරට ගිය අතර් ඊට පසුව මෙරට පැවැත්විමට නියමිතව තිබූ දකුණු අප්‍රිකා, ඉන්දිය සහ බංග්ලාදේශ තරගාවලියන් ද කල් දැමුණි.

පෙර කාලසටහන අනුව එළැඹෙන දෙසැම්බර් මාසයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙරට පැමිණිය යුතු අතර ඉන් අනතුරුව කල් දැමුණ එංගලන්තය ටෙස්ට් තරගාවලිය 2021 වසරේ ජනවාරියේ පැවැත්විය හැකි යැයි මිකී ආතර් විශ්වාස කරයි.නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී à¶½à¶‚කා ක්‍රිකට් ආයතනය මෙතෙක් කිසිවක් පවසා නැත.

“සති දෙකක් නිරෝධානය වෙන්න පුළුවන්කමක් නැහැ. ඒක ඉතා අසිරු කටයුත්තක්. ඒත් ඒ කාලයේ දී පුහුණුවිම් හෝ සිදු කිරිමට හැකි නම් ඒක ක්‍රීඩකයන්ට මානසිකව විශාල ලෙස බලපානවා. ශ්‍රී ලංකා රජය මේ වෙනුවෙන් සුවිශේෂි කාර්ය බාරයක් කරනවා. රට සාමාන්‍ය තත්ත්වයේ තිබෙනවා. නමුත් ජාත්‍යන්තර තරග නැහැ.” මිකී ආතර් පවසා තිබුණි. 

Share on Facebook Share on WhatsApp Share on Viber