ජෝන් රීඩ් ඉනිම හැරයයි

    2020-10-15 12:25   |    Views : 502

By Editorial

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන් ම කීර්තිමත් තරග තීරකවරයෙක් ද වූ ජෝන් රීඩ් මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. පිළිකා රෝගී තත්ත්වයෙන් ඒ මහතා මිය යන විට 92 වැනි වියේ පසු විය.

1949 වසරේ දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් ජෝන් රීඩ් ටෙස්ට් තරග 58කට මුහුණ දෙමින් ලකුණු 3428ක් ලබා ඇති අතර ලබා සිටි කඩුලු සංඛ්‍යාව 85කි. ඔහු 1965 වසරේ දී ටෙස්ට් පිටියට සමු දුන්නේ ය. 1959 වසරේ දී විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ද සම්මාන දිනා ඇති ජෝන් රීඩ්, නවසීලන්තය ජයග්‍රහණය කළ මංගල ටෙස්ට් තරගය මෙහෙයවු නායකයා ද වන්නේ ය. ඒ 1956 බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ය.

කලක් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ජාතික තේරීම් කමිටු සභාපතිවරයා ලෙසින් ද කටයුතු කළ අතර පුහුණුකරුවෙක් ලෙසින් ද කලක් කටයුතු කළේ ය. අනතුරුව 1993 වසරේ සිට තරග තීරකවරයෙක් ලෙසින් ක්‍රිකට් පිටියට පිවිසි ජෝන් රීඩ් 2002 වසර දක්වා වූ කාලය තුළ ටෙස්ට් තරග 50කට සහ එක්දින තරග 98කට සහභාගී වී ඇත.

Share on Facebook Share on WhatsApp Share on Viber