SLCS
Army Commanders කිරුළ“ඩිමෝ” පළදී

Army Commanders කිරුළ“ඩිමෝ” පළදී

ශ්‍රි ලංකා යුද හමුදාව සංවිධානය පළමු වරට සංවිධානය කළ යුද හමුදා Commanders ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ යුද හමුදාපති ශූරතා කුසලානය දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ඩිමෝ Sothern Warriors කණ්ඩායම සමත් වූහ.

අවසන් මහා තරගයේ දී ඩිමෝ ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 159ක් ලබා ගත් අතර ප්‍රතිවාදීන් වූ සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් Northern Warriors කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවි ලකුණු 150ක් පමණි. ඒ තවත් පන්දු 6ක් ඉතිරිව තිබිය දී ය. ඒ අනුව ඩිමෝ ක්‍රීඩකයන්ට ලකුණු 9ක ජයග්‍රහණයක් හිමි වූ අතර ඔවුන්ට යුද හමුදාපති කුසලානයට අමතර ව මුදලින් රුපියල් 150 000/=ක මුදලක් ද හිමි වුණි.

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඩිමෝ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තේ ය. ඒ අනුව පිටියට පිවිසි ඩිමෝ කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීම වෙනුවෙන් වැඩි වැඩ කොටසක් කළේ අසන්ත බස්නායක ය. ඔහු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර සහ හයේ පහර දෙක බැගින් එල්ල කරමින් ලකුණු 47ක් ලබා ගත්තේ ය.

ඔහු ගිහාන් කෝරළගේ සමග එක් වෙමින් 3 වැනි කඩුල්ල සඳහා ලකුණු 53ක සබඳාවක් ද වනිඳු හසරංග සමග එක් වෙමින් 4 වැනි කඩුලල් වෙනුවෙන් ලකුණු 55ක සබඳතාවක් ද එක් කිරිමට සත් වුයේ ය. ගිහින් කෝරළගේ පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමගින් ලකුණු 24ක් ලබා ගත් අතර වනිඳු හසරංග පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 29ක් ලබා ගත්තේ ය.

මීට අමතර ව ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි ප්‍රියන්ත රත්නායක (18) සහ නායක දිනේෂ් චන්දිමාල් (19) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක සබඳතාවක් එක් කළහ.

පන්දු යැවීමේ දී හේෂාන් හෙට්ටිආරච්චි ලකුණු 46à¶šà¶§ කඩුලු 2à¶šà·Š ලබා ගත් à¶…à¶­à¶» තරිඳු කෞෂාල්, දසුන් ශානක සහ සික්කුගේ ප්‍රසන්න කඩුල්ල බැගින් දවා ගත්තේ ය. 

සුපර් ෆැෂන් ඉනිම වෙනුවෙන් වැදගත් මෙහෙවරක් කළේ නායක සීක්කුගේ ප්‍රසන්න ය. ඔහු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 49ක් ලබා ගත්තේ ය. සික්කුගේ ගේ දැවී යෑමත් සමගින් තරගයේ ජයග්‍රහණය සොයා යන ගමනේ දී දසුන් ශානක කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තැබූව ද ඔහුට තම කාර්යය හරි හැටි ඉටු කිරීමට හැකි වූයේ නැත.

මන්දගාමීව ගලා ගිය ඔහුගේ ඉනිම 9 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වෙන විට පන්දු 32ක දි ලකුණු 34ක් වුණි. ඊට හතරේ පහර 2ක් සහ හයේ පහරක් ඇතුලත් ව තිබුණි. ආරම්භක පිතිකරුවන් වූ අශාන් රන්දික (22) සහ ජනක සම්පත් (17) ද ඉලක්කම් දෙකේ ලකුණු රැස් කළ අතර පිතිකරුවන් 7 දෙනෙක් ම ලකුණු 10කට මෙහා පැත්තේ තැබිමට ඩිමෝ පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අතර භානුක රාජපක්ෂ ද විය.

ආරම්භක වේග පන්දු යවන සුරංග ලක්මාල්ගේ පළමු පන්දුවාර දෙකට ලකුණු 35ක් ලබා ගත්ත ද ඔහු තම පන්දුවාර 4 අවසන් කරද්දී ලකුණු 39කට කඩුලු 2ක් ලෙසින් අවසන් කිරීමට සමත් විය. ඉනිමේ හොඳම පන්දු යැවීම සුමින්ද ලක්ෂාන් වාර්තා කළේ ලකුණු 22කට කඩුලු 3ක් දවා ගනිමිනි. ඊට අමතර ව වනිඳු හසරංග සහ මලින්ද අභිශේක් කඩුලු 2 බැගින් ද ශෙහඳ සොයිසා කඩුල්ලක් බැගින් ද දවා ගත්හ.

අවසන් තරගයේ වීරයා ; සුමින්ද ලක්ෂාන් (ඩිමෝ Sothern Warriors)

තරගාවලියේ හොඳම පිතිකරු ; දිනේෂ් චන්දිමාල් (ඩිමෝ Sothern Warriors)

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ; තිසර පෙරේරා (මෙල්බන් WesternWarriors)

තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා  ; රෙඩ්නරාජා තෙනුරාජන් (ප්‍රීමා EasternWarriors)

තරගාවලියේ වීරයා ; සීක්කුගේ ප්‍රසන්න (සුපර් ෆැෂන් Northern Warriors)

ත්‍යාග ප්‍රදානෝත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඩිමෝ Sothern Warriors ; කඩුලු 6ක් දැවී 159 (20)

ගිහාන් කෝරළගේ 24, අසන්ත බස්නායක 47, වනිඳු හසරංග 29, හේෂාන් හේට්ටිආරච්චි 2/46

සුපර් ෆැෂන් Northern Warriors ; සියලුම දෙනා දැවී 150 (19)

අශාන් රන්දික 22, සික්කුගේ ප්‍රසන්න 49, දසුන් ශානක 34, සුරංග ලක්මාල් 2/29, වනිඳු හසරංග 2/28, මලින්ද අභිශේක් 2/23, සුමින්ද ලක්ෂාන් 3/22