කුලේත් LPL පිටියට

    2020-11-02 11:46   |    Views : 372

By ජගත් ප්‍රේමචන්ද්‍ර

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පත් කර ඇත.

වරක් එක්දින වේග පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දී පළමු ස්ථානය ද දිනාගත් නුවන් කුලසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 58කට ක්‍රීඩා කරමින් කඩුලු 66ක් ලබා සිටී. නුවන් කුලසේකර 2014 විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ද සාමාජිකයෙකි.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ හෂාන් තිලකරත්න ය.

Share on Facebook Share on WhatsApp Share on Viber