අලීම් ඩාර් නොදැවී 210

    2020-11-02 11:49   |    Views : 341

By Editorial

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 210ක පිටියේ විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කළ පාකිස්තානයේ අලීම් ඩාර් එම තරග ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් විය.

52 හැවිරිදි ඔහු මෙම කඩඉමට පිවිසියේ නිමා වූ පාකිස්තාන සහ සිම්බාබ්වේ දෙවැනි එක්දින තරගයට සහභාගි වෙමිනි.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ එක්දින තරග 209කදී පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකාවේ රූඩි කර්ට්සන් ය. එහි තෙවැනි ස්ථානය තරග 200ක් කළ නවසීලන්තයේ බිලි බව්ඩන් හිමි වේ.

අලීම් ඩාර් මේ වන විට ටෙස්ට් තරග 132ක දී පිටියේ විනිසුරු ලෙසින් සහභාගී වී ඇති අතර එම ලැයිස්තුවේ ද පළමු වැනියා වන්නේ ඔහු ය. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 46ක දී ද පිටියේ විනිසුරු ලෙසින් කටයුතු කර ඇති අලීම් ඩාර් එහි දී දෙවැනි වන්නේ අශාන් රාසා ට ය.

ජාත්‍යන්තර තරග 378කට සහභාගී වී ඇති අලීම් ඩාර් එම ලැයිස්තුවේ ද පළමු වැනියා වේ.

Share on Facebook Share on WhatsApp Share on Viber