වොට්සන්ගෙන් හද කකියන තීරණයක්

    2020-11-03 11:37   |    Views : 650

By Editorial

ඉන්දියන් ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායිසුපර්කිංග්ස්කණ්ඩායමනියෝජනය කරන ඕස්ට්‍රේලියාවේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බැව් පසුගියදා ප්‍රකාශ කළේ ය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 59කට, එක්දින ජාත්‍යන්තර තරග 190කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 58කට ක්‍රීඩා කර ඇති වොට්සන් අවසන් වරට ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් පිටියට පිවිස ඇත්තේ 2016 වසරේ මාර්තුවේ ඉන්දියාව සමග විස්සයි විස්ස තරගයකට සහභාගී වෙමිනි.

39 හැවිරිදි වොට්සන් ඉන්දීයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විවිධ අවස්ථාවල කණ්ඩායම් 3ක් නියෝජනය කර ඇත. 2008 වසරේ ජයග්‍රාහී රාජස්ථාන් කණ්ඩායම ද 2018 වසරේ ජයග්‍රාහී චෙන්නායි කණ්ඩායමේ ද වොට්සන් සාමාජිකයෙකි. එමෙන් ම 2008 වසරේ මෙන් ම 2013 වසරේ ද තරගාවලියේ වීරයා වීමට ද වොට්සන් සමත් වූයේ ය.

රාජස්ථාන් රෝයල් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම්වල නායකත්වය ඉසිළු වොට්සන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 145කට ක්‍රීඩා කරමින් ලකුණු 3874ක් ලබා ගෙන ඇත්තේ 137.91ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එමෙන් ම පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 92ක් ද ලබා ඇත.

ක්‍රීඩකයෙක් ලෙසින් අයි. පී. එල්. පිටියෙන් ඉවත් වුව ද ඔහු එළැඹෙන වසරේ සිට පුහුණුකරුවෙක් හෝ උපදේශකයෙක් ලෙසින් මෙම තරගාවලිය හා එක් වීමට නියමිත ය.

Share on Facebook Share on WhatsApp Share on Viber