තේරීම් කමිටුවේ සභාපති අසන්ත

    2020-11-15 11:29   |    Views : 390

By ජගත් ප්‍රේමචන්ද්‍ර

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස නැවත වතාවක් අසන්ත ද මෙල් මහතා නම් කර ඇති බැව් වාර්තා වේ.

මේ නම් කිරීම කර ඇත්තේ ජාතික ක්‍රීඩා තේරීම් කමිටු ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසිනි. ඔහු විසින් නම් කරන ලද නව ක්‍රිකට් තේරීම් කමිටුවට 7 දෙනෙක් ඇතුලත් වන අතර ඔවුන් වෙත සියලුම ආකාරයේ ක්‍රිකට් තේරීම් සඳහා අවස්ථාව හිමි වෙන්නේ ය. ඒ අනුව ජාතික පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මෙන් ම කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් තේරීමේ බලය ද ඔවුන් සතු ය.

නම් කරන ලද කණ්ඩායම වෙත අනුමැතිය ලබා ගැනීමට අදාළ ලැයිස්තුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව ද මෙම වාර්තා පවසයි.

නව තේරීම් කමිටුව

අසන්ත ද මෙල් (සභාපති) චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, හේමන්ත දේවප්‍රිය, රංජිත් මධුරසිංහ, උවයිස් කරනයින් යන මහත්වරුන් සහ නිල්මිණි ගුණරත්න මෙනෙවිය.

Share on Facebook Share on WhatsApp Share on Viber