ගිබ්ස් එන්නේ නෑ

    2020-11-15 11:37   |    Views : 377

By Editorial

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විස්තර විචාරයට එක්වීමට නියමිතව සිටි දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් ඉන් ඉවත් ව ඇත.

ඒ අනුව මීට පෙර 6 දෙනෙක්ගෙන් යුත් විස්තර විචාරක කමිටුව මේ අනුව 5ක් දක්වා අඩු වෙනු ඇත.

මෙම තරගාවලියේ රූපවාහිනී විස්තර විචාරයටගිබ්ස් සමග ඔස්ට්‍රේලියාවේ මයික් හෙයිස්මන්, පාකිස්තානයේ අමීර් සොහෙයිල් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ඩැරන් ගංගා සමග මෙරට නියෝජනය කරමින් රොෂාන් අබේසිංහ සහ රසන් ආනල්ඩ් යන මහත්වරුන් ද සහභාගී වීමට නියමිතව සිටිය හ.

Share on Facebook Share on WhatsApp Share on Viber