ගිබ්ස් තීරණය වෙනස් කරයි

    2020-11-17 11:29   |    Views : 508

By ජගත් ප්‍රේමචන්ද්‍ර

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනි විස්තර විචාරය මඩුල්ලට එක්ව සිටි හර්ෂල් ගිබ්ස් පෞද්ගලික හේතුවක් මත සහභාගී නොවන බැව් මීට පෙර පවසා සිටිය ද නැවැත එම තීරණය වෙනස් කර ඇත.

ට්විටර් සටහනක් තබමින් ගිබ්ස් පවසන්නේ තම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හා එක්වන බවයි. මීට පෙර ගිබ්ස් තරගාවලියෙන් ඉවත් වීමත් සමග 6 දෙනෙක්ගෙන් සමන්විත වූ රූපවාහිනී විස්තර විචාරක මඩුල්ල 5 දෙනෙක්ට සීමා වූ අතර ඔවුන් විසින් පමණක් අදාළ සේවය සපයන බැව් වාර්තා වූයේ ය.

ගිබ්ස්ගේ තීරණය වෙනස් වීමත් සමගින් නැවත එම කණ්ඩායම 6 දෙනෙක්ගෙන් සමන්විත වන අතර ඒ අතරට මෙරට විස්තර විචාරකයන් වන රොෂාන් අබේසිංහ සහ රසල් ආනල්ඩ් ද එක් වීමට නියමිත ය.

Share on Facebook Share on WhatsApp Share on Viber