ඇන්ඩෘ රසල් On the Way

    2020-11-18 12:28   |    Views : 257

By ජගත් ප්‍රේමචන්ද්‍ර

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී à·€à¶± ක්‍රීඩකයන් අතුරින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩෘ රසල් හෙට (19) මෙරට ට පැමිණීමට නියමිත බැව් තරගාවලියේ අධ්‍යක්ෂ රවින් වික්‍රමරත්න මහතා Cricinfoවෙබ් අඩවියට ප්‍රකාශ කර තිබුණි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් කීර්තිය දිනා සිටින රසල් මෙතෙක් එරට වෙනුවෙන් එක්දින තරග 56කට සහ විස්සයි/20 තරග 49කට සහභාගී වී ඇති ක්‍රීඩකයෙකි. එක්දින ජාත්‍යන්තර කඩුලු 70ක් සහ ලකුණු 1034ක් ද විස්සයි/20 ජාත්‍යන්තර කඩුලු 26ක් සහ ලකුණු 540ක් ද ඔහු සතු ය.

ටෙස්ට් තරග පිටියේ දි රසල් සහභාගී වි ඇත්තේ ශ්‍රී ලංකාව සමග වූ තරගයකට පමණි. එම තරගය ද මිට දශකයට එපිට පැවැති තරගයක් වන අතර එහි ඔහුගේ දක්ෂතාව ලකුණු 2ක් සහ පන්දු යැවිමේ දි ලකුණු 104කට කඩුල්ලක් වේ.

රසල්, ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු Kings කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.

Share on Facebook Share on WhatsApp Share on Viber