ක්‍රිස් ගේල් නොඑන ලකුණු

    2020-11-19 11:08   |    Views : 224

By ජගත් ප්‍රේමචන්ද්‍ර

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්පෞද්ගලික හේතුවක් මුල් කර ගනිමින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී නොවන බැව් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු කුසල් පෙරේරා ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි Tuskers කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි අතර ඒ වෙනුවෙන් මෙතෙක් කිසිදු ආදේශක ක්‍රීඩකයෙක් නම් කර නොමැත.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා හම්බන්තොට, සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ය.

Share on Facebook Share on WhatsApp Share on Viber