මාලිංගත් අකමැතියි ලු

    2020-11-19 13:40   |    Views : 217

By ජගත් ප්‍රේමචන්ද්‍ර

විස්සයි/20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, ලසිත් මාලිංග ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී à·€à¶±à·Šà¶±à·š දැයි ඉදිරි දින කිහිපයේ දි තම කණ්ඩායම් කළමණාකාරීත්වයට ප්‍රකාශ කරන්නේ යැයි මාධ්‍ය පවසා තිබුණි.

ගාල්ල Gladiators කණ්ඩායමේ නායකයා වන ලසිත් මාලිංග නොමැතිව, ගාලු කණ්ඩායම මේ වන විට නිරෝධානය වෙමින් සිටින හම්බන්තොට හෝටලය වෙත පැමිණ ඇති බැව් වාර්තා වේ.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන සියලු ක්‍රීඩකයන් දින 7ක කාලයක් නිරෝධායන නීති අනුගමන කළ යුතු බැව් සෞඛ්‍ය සේවාවන් හී නියමයයි.

ලසිත් මාලිංග අවසන් වරට ජාත්‍යන්තර විස්සයි/20 තරගයට සහභාගී à·€à·“ ඇත්තේ මේ වසරේ මාර්තු මස බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පල්ලෙකැලේ දී පැවැති තරග දෙකට වන අතර එම තරග ක්‍රීඩා කර මේ වන විට මාස 8ක පමණ කාලයක් ගත වේ.

Share on Facebook Share on WhatsApp Share on Viber