පුහුණුව නැතිව බැ - මාලිංග කියයි

    2020-11-20 11:12   |    Views : 349

By ජගත් ප්‍රේමචන්ද්‍ර

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල Gladiators කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තරගාවලියට එක් නොවන බව ස්තීර කරයි.

“මේ අවුරුද්දේ කොදෙව් තරගාවලියෙන් පස්සේ මම ක්‍රිඩා කරල නැහැ. පුහුණුවක් ලබන්න අවස්ථාව ලැබිල නැහැ. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී එක දිගට දින දෙකක් තුළ ක්‍රීඩා කරන්නත් සිදු වෙනවා. පුහුණුවක් නැතිව ඉහළ මට්ටමේ තරගාවලියක ක්‍රීඩා කරන එක පන්දු යවන්නෙක්ට පහසු දෙයක් නෙමේ.”

“ක්‍රිඩක වෙන්දේසියෙන් තරගාවලියට කලින් සති තුනක පමණ කාලයක් හෝ අපිට පුහුණුවීමට කාලක් ලැබෙයි කියලා. නමුත් ඒ අවස්ථාවත් නැති වුණා. හම්බන්තොට ට ගියත් අපි එහේදිත් දවස් තුනක් නිරෝධායනය වෙන්න ඕන.”

තරගාවලියේ සහභාගීත්වය ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස මාලිංග Cricinfoවෙබ් අඩවිය හා සමග පවසා තිබුණේ එසේ ය. 

Share on Facebook Share on WhatsApp Share on Viber