ගාලු නායකත්වය අෆ්රිඩීට

    2020-11-22 11:10   |    Views : 321

By ජගත් ප්‍රේමචන්ද්‍ර

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල Gladiators කණ්ඩායමේ නව නායකයා ලෙසින් පාකිස්තානයේ සහිඩ් අෆ්රිඩී නම් කර ඇත. තරගාවලියේ නායකත්වයට පත් එක ම විදෙස් ක්‍රීඩකයා වන්නේ අෆ්රිඩී ය.

මීට පෙර ගාලු කණ්ඩායමේ නායකත්වය පැවැරී තිබුණේ ශ්‍රී ලංකා විස්සයි/20 කණ්ඩායමේ ද නායකයා වූ ලසිත් මාලිංගට ය. මාලිංග තරගාවලියෙන් ඉවත් වීමත් සමගින් මෙම පත් කිරීම සිදු කර ඇත.

කෙසේ වෙතත් ලැබෙන ආරංචි මාර්ග අනුව සහීඩ් අෆ්රීඩි මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ නැති අතර ඒ හේතුවෙන් ඔහුට තරගාවලියේ පළමු තරග කිහිපයක අහිමි වනු ඇත.

කණ්ඩායමේ උප නායකත්වය නම් කර ඇත්තේ භානුක රාජපක්ෂ ය.

Share on Facebook Share on WhatsApp Share on Viber