SLCS
ගේල් වෙනුවට ටේලර්

ගේල් වෙනුවට ටේලර්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මහනුවර Tuskers කණ්ඩායමෙන් ඉවත් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් වෙනුවට සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් කැඳවා ඇත.

2004 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් ටේලර් මේ දක්වා ටෙස්ට් තරග 31කට ක්‍රීඩා කර ඇති අතර සහභාගී වී ඇති එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 199කි. ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙසින් විස්සයි/20 ජාත්‍යන්තර පිටියේ දක්වා ඇති දක්ෂතාව තරග 43ක දී ලකුණු 909කි.

මේ සති මැද මෙරට ට පිවිසෙන බ්‍රෙන්ඩන් ටේලර්ට ද තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වෙනු ඇත.