ඩේල් ස්ටේන් මහනුවරට

    2020-11-23 10:02   |    Views : 328

By ජගත් ප්‍රේමචන්ද්‍ර

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මහනුවර Tuskers කණ්ඩායම හා එක්වෙන බැව් දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් පවසයි.

37 හැවිරිදි ස්ටේන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කට එක්දින ජාත්‍යන්තර තරග 125කට සහ විස්සයි/20 ජාත්‍යන්තර තරග 47කට සහභාගී වී ඇති ක්‍රීඩකයෙකි. එමෙන් ම ඔහු පසුගියදා නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ද නියෝජනය කළේ ය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා සිට ආරම්භ වන බැවින් ස්ටේන්ගේ ප්‍රමාදය බැවින් ඔහුට ආරම්භක තරග කිහිපයක් අහිමි වනු ඇත.

Share on Facebook Share on WhatsApp Share on Viber