ලෝරා මාෂ් ක්‍රිකට් පිටියට තිත තබයි

    Views : 216

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වූ ලෝරා මාෂ් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව පසුගියදා (13) ප්‍රකාශ කළා ය.

2009 සහ 2017 වසරවල එංගලන්තයටඑක්දින ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාව මෙන්ම 2009 වසරේ පැවැති විස්සයි විස්ස ලෝක ක්‍රිකට් ශූරතාව දිනා දුන් කණ්ඩායම්වල සාමාජිකාවක් වූ ලෝරා මීට පෙර පසුගිය දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ද සමු ගත්තාය.

2006 වසරේ දී à¶‘ංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එක්වෙන ලෝරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 9à¶šà¶§ ජාත්‍යන්තර එක්දින තරග 103à¶šà¶§ සහ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 67à¶šà¶§ එංගලන්තය වෙනුවෙන් සහභාගී වූවා ය.

දකුණතින් වේග පන්දු යවන්නියක් ලෙසින් ද සහ දකුණත් à¶´à·’à¶§ දඟ පන්දු යවන්නියක් ලෙසින් ද දක්ෂතා දැක් වූ 33 වියැති ලෝරා මාෂ් සමුගන්නා විට එක්දින කඩුලු 129à¶šà·Š ලබා සිටියාය. 2009 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී à¶´à·à¶šà·’ස්තානයට එරෙහිව ලකුණු 15à¶šà¶§ ලබාගත් කඩුලු 5 ඇයගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හොඳම පන්දු යැවීම වන්නේ ය. එම තරගාවලියේ දී à¶‡à¶º කඩුලු 16à¶šà·Š ලබා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් අයගේ ලැයිස්තුවේ පළමු වැනියා වූවාය.

එක්දින පිටියේ ඇය ලබා සිටි ලකුණු සංඛ්‍යාව ඉනිම 61කට ලකුණු 682කි.විස්සයි විස්ස කඩුලු 64ක් සහ ලකුණු 755ක් ද ටෙස්ට් කඩුලු 24ක් සහ ලකුණු 151ක් ද ඇයගේ ක්‍රිකට් ගිණුමේ තැන්පත් ව ඇත.

කෙන්ට් සහ සසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම් ද නියෝජනය කළ ලෝරා මාෂ් බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියේ දී සිඩ්නි සික්සස් කණ්ඩායමේ ද ප්‍රබල සාමාජිකාවක් වූවා ය. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ කොන්ත්‍රාත්ගත පළමු ක්‍රීඩිකාව වූයේ ද ලෝරා මාෂ් ය.

@ JP

Share on Facebook Share on WhatsApp Share on Viber