ඔෂඳට සතියක ලෙඩ නිවාඩු

    2020-11-29 09:45   |    Views : 597

By ජගත් ප්‍රේමචන්ද්‍ර

DambullaViikings සහ Kandy Tuskers කණ්ඩායම අතර පැවැති තරගයේ දී ආබාධයට ලක් වු දඹුලු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඔෂඳ ප්‍රනාන්දුට සතියක පමණ කාලයක් විවේක ගැන්වීමට සිදු වෙනු ඇතැයි කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

පන්දුවට පහර දෙමින් සිටිය දී ඉක්මනින් තම ලකුණ සීමා කිරීමට ප්‍රධාන විනිසුරු අන්තයට පැමිණීමේ දී ඔෂඳ පිටියේ ඇඳ වැටීමෙන් ආබාධයට ලක් වුණි. ඒ වෙද්දී ඔහු පන්දු 6කට පමණක් මුහුණ දි ලකුණු10ක් ලබා සිටියේ ය.

ඔෂඳ දෙසැම්බර් මස ඇරඹෙන දකුණු අප්‍රිකා සංචිතයේ ද සිටින ක්‍රීඩකයෙකි.

Share on Facebook Share on WhatsApp Share on Viber