ගුරා නයිජීරියාවට

    2020-11-30 10:17   |    Views : 514

By Editorial

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රීඩකයෙක් මෙන් ම 1996 ක්‍රිකට් ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ද සාමාජිකයෙක් වූ අසංක ගුරුසිංහ මහතා නයිජීරියාවේ ජාතික ක්‍රිකට් පුහුණුකරු ලෙසින් පත්කර ඇත.

54 වැනි වියේ පසුවෙන ගුරුසිංහ එම තනතුරට අමතර ව නයිජීරියා ක්‍රිකට් හී ඉහළ කාර්ය සාධක කළමණාකාරු ලෙසින් ද පත් කර ඇති අතර දෙසැම්බර් මස 01 වැනිදා සිට නව ධූරයේ වැඩ භාර ගැනීමට ද නියමිත ය.

නයිජීරියා ක්‍රීඩකයෝ පසුගිය කාලයේ දී කතාබහ කරන තත්ත්වයේ දක්ෂතා දැක් වු රටකි. ඔවුන් දකුණු අප්‍රිකාවේ පැවැති වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලානය, 2019 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති විස්සයි/20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සහ 2019 සිම්බාබ්වේ දී පැවැති කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ද නියෝජනය කළ හ.

ගුරුසිංහ මහතා කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙසින් ද කටයුතු කළේ ය.  

Share on Facebook Share on WhatsApp Share on Viber