SLCS
ඕස්ට්‍රේලියාව 2-0කින් පෙරමුණ ගනී

ඕස්ට්‍රේලියාව 2-0කින් පෙරමුණ ගනී

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේ දෙවැනි එක්දින දිවා/රාත්‍රි ක්‍රිකට් තරගයෙන් ලකුණු 51ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරකයෝ සමත් වෙති. මෙම ජයග්‍රහණයත් සමගින් ඔවුන් තරග 3කින් යුත් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ජය ගැනීමට සමත් වූ හ.

මෙම තරගයේ දී පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 104ක් ලබා ගත් ස්ටීව් ස්මිත් තරගයේ වීරයා බවට පත් වූයේ ය.

ඕස්ට්‍රේලියාව ; කඩුලු 4ක් දැවී 389 (50)

ඩේවිඩ් වෝනර් 83, ආරොන් ෆින්ච් 60, ස්ටීව් ස්මිත් 104, මානුස් Labuschagne70, ග්ලේන් මැක්ස්වෙල් නොදැවි 63

ඉන්දියාව ;කඩුලු 9ක් දැවී 338 (50)

මයාන්ක් අගර්වාල්28, ශිකර් ධවාන් 30, විරාත් කෝලි 89, ශ්‍රියියාස් අයියර් 38, කේ. එල්. රාහුල් 76, හර්ඩික් පාන්ඩ්‍යා 28, රවින්ද්‍ර ජඩේජා 24, ජොස් හසල්වඩු 2/59, පැට් කමින්ස් 3/67, ඇඩම් සම්පා 2/62