ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ දෙවැනි දිවා/රාත්‍රී එක්දින තරගය ද ජය ගැනීමට සත්කාරක ක්‍රිඩකයෝ සමත් වු හ. මෙම තරග ජයග්‍රහණයත් සමගින් ඔස්ට්‍රේලියාව තරග 3කින් යුත් තරගාවලිය 2-0ක් ලෙසින් ඉදිරියට පැමිණියේ ය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 389ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඉන්දිය ක්‍රීඩකයෝ ලබා ගත්තේ කඩුලු 9ක් දැවී ලකුණු 338ක් පමණි.
පෙර තරගයේ දී ශතකයක් වාර්තා කළ සත්කාරක ක්‍රීඩක ස්ටීව් ස්මිත් මෙම තරගයේ දී ද ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. ඔහු පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 104ක් ලබා ගත්තේ ය. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.
ඔස්ට්‍රේලියාව ; කඩුලු 4ක් දැවී 389 (50)
ඩේවිඩ් වෝනර් 83, ඒරන් ෆින්ච් 60, ස්ටීව් ස්මිත් 104, මාර්නුස් ලබ්සුචන්ගු 70, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 63
ඉන්දියාව ; කඩුලු 9ක් දැවී 338 (50)
විරාත් කෝලි 89, කේ. එල්. රාහුල් 76, ජොස් හෙසල්වුඩ් 2/59, පැට් කමින්ස් 3/67, ඇඩම් සම්පා 2/62