සධීරට දඹුලු යන්න චාන්ස් එකක්

    2020-12-01 12:36   |    Views : 525

By ජගත් ප්‍රේමචන්ද්‍ර

දඹුලු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඔෂඳ ප්‍රනාන්දුගේ ආබාධිත තත්ත්වය හේතුවෙන් ඒ වෙනුවට 25 හැවිරිදි කඩුලු රකින ඉදිරිපෙළ පිතිකරුවෙක් වන 25 හැවිරිදි සධීර සමරවික්‍රම කණ්ඩායමට එක්කර ගැනීමට එහි කළමණාකාරීත්වය තීරණය කර තිබේ.

කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද වන සධීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි/20 තරග ත්‍රිත්වයෙන් ම ක්‍රීඩා කර ඇත.

පළමු පෙළ තරග 54කට මුහුණ දී ඇති සධීර ශතක 6ක් සහ අර්ධ ශතක 17ක් සමගින් ලකුණු 3108ක් ද කඩුලු දවා ගැනීම් 92කට ද දායකත්වය දක්වා ඇත. ඕනෑම ආකාරයේ විස්සයි/20 තරග 46කට ක්‍රීඩා කර ඇති සධීර ශතකයක් ද සමගින් ලකුණු 1104ක් රැස් කරගෙන ඇති ක්‍රීඩකයෙකි. ඊට අමතර ව කඩුල්ල පිටුපස සිටිමින් දවා ගැනීම් 48කට ද ඔහු දායකත්වය දක්වා ඇත.  

Share on Facebook Share on WhatsApp Share on Viber