ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙසින් නිමාවට පත් Kandy Tuskers සහ DambullaViikings අතර තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වූ හ.
මෙම තරගයේ දී දඹුලු ක්‍රිඩක ඇන්ජලෝ පෙරේරා පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 67ක් ලබා ගනිමින් ජයග්‍රහණය වෙනුවෙන් අගනා මෙහෙවරක් කළේ ය. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.
ප්‍රතිවාදී මහනුවර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවි ලකුණු 156ක් ලබා ගත් අතර දඹුලු ක්‍රීඩකයෝ තරගය ජයග්‍රහණයෙන් අවසන් කළේ කඩුලු 5ක් දැවී ලකුණු 157ක් වාර්තා කරමිනි.
මෙම තරගයේ සජීවී සම්පූර්ණ ලකුණු පුවරුව slcscorers.com හි ඵළවන අතර පිවිසෙන්න ඒ සඳහා..,