පිටියේ සිදු වූ ආබාධයක් හේතුවෙන් රවින්ද්‍ර ජඩේජා වෙනුවට පිටියට පිවිසි ආදේශක ක්‍රීඩක යුස්වෙන්ද්‍ර චාහල් තරගය නිමාවේ දී තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ එවන් ක්‍රීඩකයෙක් එකී සම්මානය දිනාගත් පළමු අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක් කරමිනි.
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයේ දී මිචෙල් ස්ටාර්ක් යැවූ පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් රවින්ද්‍ර ජඩේජා පිටියෙන් ඉවත් කෙරුණේ වෛද්‍ය උපදෙස් පරිදි ඔහු තව දුරටත් ක්‍රීඩා කිරීමට නුසුදුසු බවට කළ දැනුම් දීමත් සමගිනි.
ජාත්‍යන්තර ක්‍රිකට් නව නීති අනුව එවන් විටෙක ඒ ආකාරයෙන් ම දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් පිටියට කැඳවීමේ හෙවත්විකම්පය ක්‍රීඩකයෙක් (Concussion Subsitute) ගේ සහාය ලබා ගැනීමේ අවස්ථාව එකී කණ්ඩායමට හිමි වේ. ඒ අනුවය, චාහල් කණ්ඩායමට නම් කෙරෙන්නේ. ඔහු තම වගකීම ඉටු කරන්නේ ප්‍රතිවාදී ඉනිමේ කඩුලු 3ක් ලකුණු 25කට දවාගනිමිනි.
මේ දක්ෂතා හේතුවෙන් ඉන්දීය ක්‍රීඩකයෝ ආරම්භක විස්සයි/20 තරගය ලකුණු 11කින් ජයග්‍රහණය කිරීමට සමත් වූහ.
ආබධිත තත්ත්වය හේතුවෙන් ජඩේජාට ඉතිරි විස්සයි/20 තරග දෙක අහිමි වෙනු ඇතැයි පැවැසේ.
ඉන්දියාව ; කඩුලු 7ක් දැවි 161 (20)
කේ. එල්. රාහුල් 51, සංජු සැම්සන් 23, රවින්ද්‍ර ජඩේජා නොදැවී 44, මොයිසස් හෙන්රිකස් 3/22
ඔස්ට්‍රේලියාව ; කඩුලු 7ක් දැවි 150 (20)
එරන් ෆින්ච් 35, ටී. නටරාජන් 3/30, යුස්වෙන්ද්‍ර චාහල් 3/25